YaluGo Business Services (Pvt) Ltd

වාහන කුලී බදු ගිවිසුම
බදු ගිවිසුමයි.
සියලු දෙනාම මෙයින් දැන ගත යුතු ය.
කොන්දේසි :-
1) වාහනය රියදුරු බලපත්‍ර අංකය සඳහන් පුද්ගලික පරිහරණය සඳහා පැදවිය හැකි අතර, වෙනත් කිසිඳු තෙවන පාර්ශවයකට පැවරීම හෝ අන්සතු කිරීම නොකළ යුතුය.
2) හදිසි අනතුරක් සිදු වූ අවස්ථාවකදී ගැනුම්කරු විසින් දීපනාකරුව 077 783 0830 / 070 283 0830 යන දුරකථන අංක වලට දැනුම් දීම හා ලඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දීමට කටයුතු කල යුතු අතර, එසේ කිරීමට අපහසු වුවහොත් එම සිදු වී ඇති අලාභ හානිය පහත සඳහන් රියදුරු බලපත්‍ර අංක දරණ අය විසින් තමන්ගේ වියදමින් රථය අලුත්වැඩියා කර දීමට ගැනුම්කරු එකඟ වේ.
3) හදිසි අනතුරකට ලක් වූ වාහනයේ අලාභ හානිය වෙනුවෙන් රක්ෂණ වන්දි ගෙවීම අදාල රක්ෂණ සමාගම විසින් ප්‍රතික්ෂේප කරනු ලබන අවස්ථාවන් හි අලුත්වැඩියා කටයුතු කිරීමේ සහ වියදම ගැනුම්කරු විසින් දැරිය යුතුය.
4) මත්පැන් පානය කර හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර ගැනුම්කරු විසින් කිසිසේත් රථය පැදවීම නොකළ යුතු අතර, එසේ කිරීමේදී රථයට යම් කිසි අලාභ හානියක් සිදුවුවහොත් එම සම්පූර්ණ වියදම ගැනුම්කරු විසින් ගෙවීමට බැඳී සිටියි.
5) සිදු වූ අලාභ හානිය අලුත් වැඩියා කිරීම සඳහා රථය ගරාජයට ඇතුලත් කිරීමට සිදු වුව හොත් රථය ගරාජයේ නවතා තබන කාල සීමාව සඳහා බදු කුලී මුදල බදු දීපනාකරුට දීමට බදු ගැනුම්කරු එකඟ වේ.
6) රථය සඳහා පූර්ණ රක්ෂණාවරණය ඇතත් රුපියල් විසි දහසකට (රු.20,000/-) අඩු අලුත්වැඩියා සඳහා රක්ෂණ සමාගම මගින් රක්ෂණ වන්දි ආයතනය විසින් ලබා නොගන්නා බැවින් එවැනි අවස්ථාවලදී ගැනුම්කරු විසින් අලුත්වැඩියාව සඳහා යන සියලුම වියදම් දැරිය යුතුවේ. රුපියල් විසිදහසකට (රු. 20,000/-) වැඩි අනතුරු අලුත් වැඩියා කිරීම සඳහා රක්ෂණ ආයතනය විසින් රක්ෂණ වන්දි ලබා ගැනීමට කටයුතු කරන අතර, ඒ සඳහා අවශ්‍ය පොලිස් වාර්තා සහ අනෙකුත් ලිපි ලේඛණ ද, ඒ සඳහා වැය වන මුලු මුදල ගැනුම්කරු විසින් දීපනාකරුට ලබා දිය යුතුය.
7) බදු ගන්නා රථය කිසිඳු නීති විරෝදී කාර්ය සඳහා හෝ නීති විරෝදී මත් ද්‍රව්‍ය හෝ ඒ ආකාරයෙන් මොනයම්ම ක්‍රියාවක් සඳහා නොගත යුතු අතර එසේ යොදා ගැනීමක් සිදු කලහොත් මෙම බදු ගිවිසුම සම්බන්ධව පනවා ඇති නීති රීති සහ එකී නීති විරෝදී ක්‍රියාවන් හේතුවෙන් රථයට සිදුවන අමතර හානි සඳහා වන වගකීම ගැනුම්කරු විසින් වගකීමට බැඳී සිටින අතර, ඒ සඳහා වන සියලු නෛතික වියදම් ගැනුම්කරු දැරිය යුතුය.
8) රථයට තමන්ගේ නොසැලකිල්ලෙන් වන ක්‍රියාවක් හේතුවෙන් යම් අනතුරක් හෝ ක්‍රියාවක් හේතුවෙන් එකී අලාභය තැන්පතු මුදලින් අය කිරීමට අයිතිය ඇති බව පිළිගනියි.
9) වාහනයට සිදුවන අනතුරකදී අලාභය අලුත් වැඩියා කටයුතු අවසන් වන තෙක් ගතවන දිනට වාහනයේ දෛනික කුලිය ගෙවීමට ගැනුම්කරු විසින් බැඳී සිටියි.
10) වාහනයේ සීල් තබා ඇති වේග පරීක්ෂණ මානයේ කිසිඳු ආකාරයක හානිකිරීමක්, වෙනස් කිරීමක්, ගැලවීමක් සිදු නොකල යුතුය.
11) වාහනය ගැනුම්කරු විසින් ලබාගත් වේලාවේ සිට අදාල දිනය සහ වේලාවට ප්‍රමාදයකින් තොරව ආයතනය වෙත ලබා දීමට කටයුතු කල යුතුය.
12) එසේ නියමිත දිනයට හා වේලාවට ආයතනය වෙත රථය භාර දීමට නොහැකි වුවහොත් ප්‍රමාදවෙන පැයකට රුපියල් දහස (රු.1000/-) බැගින් ගෙවිය යුතුය.
13) වාහනයේ දෛනික කිලෝමීටර් සියයෙන් (100 Km) පසු එකතු වන සෑම කිලෝමීටරයකටම රුපියල් .........................(රු................) බැගින් ගෙවිය යුතුය.
14) වාහනය වෙන් කරගැනීම සඳහා ගෙවනු ලබන අත්තිකාරම් මුදල දිනය වෙනස් කිරීමක් හෝ අවලංගු කිරීම සිදු කල හොත් ආපසු නොගෙවන බවත්, එම ගෙවීම් කිසිදු අවස්ථාවක ආයතනය මගින් ගෙවීමට බැඳී නොමැති බව අවධාරණයෙන් දන්වමු.
15) කුලී බදු කාල සීමාව තුල ඔබ ලබාගන්නා ලද වාහනය රටේ පවතින නීති රීති වලට අනුකූලව භාවිතා කල යුතුය.
16) කුලී බදු කාලය තුල අදාල වාහනය අතුරු බදු දීම, අතයට කුලියට දීම සහ තෙවන පක්ෂයකට බදු දීම කිසිසේත්ම නොකල යුතුය.
17) වාහනයේ භුක්තිය භාරගැනීමෙන් පසු ආයතනයේ වරදින් සිදුවන ඕනෑම ආකාරයක අධිකරණ කාර්යක් හෝ නීතිමය ගැටලුවකදී ඒ සඳහා වැයවන සියලුම මුදල් වාහනය ලබා ගත් ගැනුම්කරු විසින් දැරිය යුතුය.